මගේ දේශපාලක සිහිනය... - My politician dream...
අපි හැමෝටම හීන තියෙනවා.අපි හීන දකින්න පටන් ගන්නේ පුංචි කාලේ ඉඳන්.ඒ අනාගතේ ගැන.ඒ කාලේ ඉස්කෝලෙදි අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා අහපුවම අපි එක එක දේවල් කිව්වා කියලා හැමෝටම මතක ඇතිනේ...කට්ටිය දොස්තරලා,ඉංජිනේරුවෝ වෙන්න හීන දකිද්දි කවුද කොල්ලෙක් කිව්වළුනේ ඌ තාත්තා කෙනෙක් වෙන්න හීන දකිනවා කියලා.
ඉතිං ඒ මොනා උනත් මේ හීනත් ගොඩක් අයට කාලෙන් කාලෙට වෙනස් වෙනවා.කාලෙන් කාලෙට එක එක හීන දැක දැක උන්නු මාත් ඔන්න මේ ලඟදි ඉඳලා අළුත් හීනයක් දකිනවා...ඒ තමා දේශපාලකයෙක් වෙන හීනය...
“මට ඕනි ලොක්කෙක් වෙන්න
ඉතිං...
මම හිතුවා දේශපාලකයෙක් වෙන්න...
චේ ගුවේරා කැස්ත්‍රෝලා
කුණු මුල්ලට වීසි කරලා...
එකතු කරපු පොත් පත්තර
කඩල ඔතන්නට විකුණලා...
මං යනවා ඉගෙන ගන්න
බොරු කියන්න...ගසා කන්න...
මට ඉහලින් යන එවුන්ගේ
අඬු කඩන්න...බෙලි කපන්න...
අවනීතිය රජ කරන්න
යුක්තිය දඟගෙට යවන්න...
පරම්පරා හත අටකට
හම්බකරලා ගොඩගහන්න...
අද ඉඳලා ට්‍රයි කරනවා
දේශපාළුතුමෙක් වෙන්න...
(සමාවෙන්න...දේශපාලකයෙක් වෙන්න...)
ඉතිං අවශ්‍ය කරන සුදුසුකම් තියනවනම් බ්ලොග් අවකාශයේ ඇත්තන්ටත් පුළුවන් දේශපාලකයෙක් වෙන්න ට්‍රයි කරන්න...ඕනිනම් අපිටත් සපෝට් කරන්න බැරියැ...අනික ඉතිං මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ පඳුරකට පයින් ගැහුවත් මැති ඇමතිලා දෙතුන් දෙනෙක් විසික් වෙන එකේ,අනාගතේ දවසක අපිටත් අඩුගානේ මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් බැරි වෙන එකක් නෑ..............................
☺☺☺😆😆😆😆
ReplyDelete☺☺☺😆😆😆😆
ReplyDelete